මුහුදේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි


( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
කලුතර කටුකුරුන්ද මුහුදේ විනෝදයට දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර පයාගල පොතුවිල වෙරළ තීරයට අද උදෑසන ගොඩ ගසා තිබිය දී හමු වූ බව පයාගල පොලිසිය කියයි .

තවත් මිතුරන් 5 දෙනෙකු සමග ඊයේ සවස මිය ගිය තරුණයා දිය නෑමට ගොස් තිබිනි .
 
මෙලෙස මිය ගොස්  කලුතර රජවත්ත ගමගොඩ පදිංචි 26 හැවිරිදි ඒ.ලලිත්  නැමැත්තෙකි.