මුහුදු කුඩැල්ලන් සමග සිව්දෙනකු අත්අඩංගුවට


( පද්මා කුමාරී කංකානම්ගේ )

ධීවර යාත්‍රා දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩෑල්ලන් කිලෝ 750 ක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය කළපුව අසලදී අද (19) කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

මෙම මුහුදු කූඩැල්ලං ඉන්දියාවේ සිට නීති විරෝධී අයුරින් මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

සැකකරුවන් කල්පිටියේ පදිංචි කරුවන් වන අතර වයස අවුරුදු 35 සිට 50 දක්වා අතර අයවලුන් වෙති.

මෙම මුහුදු කූඩැල්ලන් ජපානය,ඉතාලිය ඇතුලු යුරෝපීය රටවලට සුඛෝපභෝගී ආහාරයක් වශයෙන්,අපනයනය කෙරේ.

තව ද පුරුෂ ශක්තිය වඩන ආහාරයක් ලෙස ද ප්‍රචලිත ය.

ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ,බළ පත් නොමැතිව මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය සපුරා තහනම් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා පවසයි.