මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට ගිය කාන්තාවක් බේරා ගනි


ජුඩ් සමන්ත
 
හලාවතදී මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවක්ව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (05) ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

 
රෝහල් ගත කර ඇති කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි බවත් ඇයගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
 
වයස අවුරුදු 38 ක් පමණ වන මෙම කාන්තාව මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය කියයි.