මුව මස් සමග අයෙකු අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)
 
දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර ප්‍රදේශයේදී මුව මස් කිලෝ 10ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.
 
සැකකරු දෙහිඅත්තකණ්ඩිය නවමැදගත පදිංචිකරුවෙකි.
 
මුව මස් තොගය සඳුන්පුර ආපනශාලාවක අධිශීතකරණයක ගබඩා කර තිබූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.
 
වනජීවී නිලධාරීන් ලද තොරතුරක් මත මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගත නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ.
 
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.