(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු වැසියන් පිරිසක් අද (17) සිය මුල් ඉඩම් ඉල්ලා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
පුදුකුඩිඉරිප්පුහි නැවත පදිංචියට ගොස් මුල් ඉඩම් අහිමි වූවන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමොහන් මහතාද සහභාගී වී සිටියේය.
උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ මීට අවස්ථා කිහිපයක පෙර තමන් සිය මුල් ඉඩම් ඉල්ලා උද්ඝෝසණය කළ අවස්ථාවේදී බලධාරීන් මාස හයක කාලයක් ඉල්ලූ බවත් මේ වන විට එම මාස 6 ගත වුවද මෙතෙක් තමන්ට විසඳුමක් ලැබී නොමැති බවටයි.