(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් ජලය සහ ආහාර සොයා වල් අලින් මේ දින වල ගම් වැදීම නිසා ගම්මාන කිහිපයක වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.
මුලතිව් ඔඩ්ඩුසුඩාන්, තට්ටාර්මලෙයි ,පෙරිය සාලම්බන් හා මුත්තියන්කට්ටු ආදි ගම්මාන වලට වල් අලින් මේ දිනවල නිතරම කඩා වැදී බව බෝග විනාශ කිරීමට පටන් ගෙන ඇති බවට ගම්වැසියෝ කියා සිටිති.
වල් අලින් ගම් වැදීම සම්බන්ධයෙන් ප්‍රදේශ භාර වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද වල් අලින් පලවා හැරීමට එම නිලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති අතරම වල් අලි ගම් වැදීම නිසා තමන් දැඩි සේ බියට පත්ව සිටින බවටත් වහාම වල් අලි කරදරය නැවත්වීමට අදාල බලධාරීන් පියවර ගත යුතු බවට ගම් වාසීන් වැඩි දුරටත් කියා සිටිති.