මුලතිව් මුහුදේ ධීවර නීති තදවේ


මුලතිව් මුහුදු තීරයේ ලයිට්කෝස් භාවිතයෙන් ධීවර කටයුතු කරන ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාවික හමුදාවට උපදෙස් ලබා දී තිබේ.

මුලතිව් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා  ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ධීවර අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් එම ප්‍රෙදේශයේ සංචාරයක නිරත වු‍ අතර අදාළ සංචාරයෙන් අනතුරුව ධීවර අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ති‍බේ.
විශේෂයෙන්ම මුලතිව් ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා දකුණු ප්‍රදේශයෙන් විශාල ධීවරයින් පිරිසක් පැමිණෙන බවට මුලතිව් ධීවරයින් පවසා තිබේ. ඒ අනුව එම ධීවරයින් පැමිණීම වැළැක්වීමට අදාළ පියවර ගන්නා ලෙස ද ධීවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් ලබාදුන් බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළේය.