වෙසක් උත්සවය වෙනුවෙන් මුලතිව්හි රණවිරුවන් සංවිධානය කළ පිංකම් මාලාවක් පසුගිය දා මුලතිව්ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවැත්විණි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.යු.එස්.විතානගේ මහතාගේ සංකල්පයක් අනුව 59 වැනි සේනාංකාධිපති එන්.ඩී.එන් බි‍්‍රගේඩියර් වන්නිආරච්චි, 64 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් පී.අයි.පතිරත්න, 68 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් පී.ඒ.ඩී.කහපොළ යන මහත්වරු පිංකම් සංවිධානය කළහ.
ආරක්ෂක ආඥාපති අතින් මුලදීප විහාරස්ථානයේ බුදු රැස් වළල්ල විවෘත කිරිම සිදු කැරිණි.
සෙසු සේනාංක ආරක්ෂක සේවා මුල්සථානයට සමගාමීව ධර්ම දේශනා, වෙසක් කූඩු ප‍්‍රදර්ශන, බත් දන්සල්, මුලතිව් නගර ආශි‍්‍රත ප‍්‍රදේශවල රණවිරුවන් සිංහල හා ද්‍රවිඩ බසින් භක්ති ගීත ද ගායනා කළහ.