මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2ක් විවෘත කරයි


(චන්ද්‍රසේන ගමගේ)
 
වීරකැටිය, මුරුතවෙල ජලාශයේ තවත් වාන් දොරටු 2 ක් අද(30) විවෘත කළ බව වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එස්.එම් වර්ණකුළ සූරිය මහතා පැවසීය.

ඊයේ(29) මෙම ජලාශයේ වාන් දොරටු 3ක් විවර කර තිබිණි. අද විවර කළ වාන් දොරටු 2ත් සමඟ මේ වනවිට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 5ක් විවර කර  ඇත.

මේ හේතුවෙන් ජලයෙන් යටවූ වීරකැටිය, වෙට්ටබුවාව හා කපුගම්පොත ප්‍රදේශවල පවුල් 30ක් පමණ අවතැන්ව සිටින බවද ඒ මහතා කීය.

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කුමුදු ලොකු හේවා ගමගේ මහත්මිය සහ ආපදා කළමණාකරණ ඒකයේ නිලධාරීහු අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මැදිහත්වෙමින් සිටිති.

කපුගම්පොත, කොටවාය, කදිරගොඩ, තලුන්න හා රන්න යන ප්‍රදේශවල පහත් බිම්වලද ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.