රෝවන් පෙරේරා
මුන්දලම නවඩම්කුලම මාර්ගයට ගමන් කරන මඟ අහුරමින් පිරිසක් අද (27) උද්ඝෝෂණයක නිරතවූ බව මුන්දලම පොලිසිය කියයි.
නවඩන්කුලම මංසන්ධියේ සිට ජයරාපුර ප්‍රධාන මාර්ග වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ජයරාපුර,වීහේන්කට්ටුව,කරුකුමඩුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මාර්ගයේ අබලන් ස්ථානවල කෙසෙල් සහා පොල් පැළ සිටවා නවඩන්කුලම නගරයට පැමිණ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පැයක පමණ කාලයක් නවඩන්කුලම මාර්ගය හරස්කර උද්ඝෝෂණයේ නිරතවූ පිරිසට පුත්තලම කොළඹ මාර්ගය හරස් කිරීමට යාමේදී මුන්දලම පොලිසිය විසින් අධිකරණ නියෝගයක් පෙන්වා එය වැළැක්වීමට පියවර ගත් අතර පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා එම ස්ථානයට පැමිණ කළ සාකච්ඡාවෙන් පසු අදාළ බලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වූ පසු ඔවුහු විසිර ගියහ.