(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම පල්ලිවාසල්පාඩු වෙරළට අද (25) අලුයම දින කීහිපයකට පෙර මරණයට පත්වූ ඩොල්ෆින් සිරුරු දෙකක් ගොඩ ගසා තිබූ බව ධීවරයෝ පවසති.
වෙරළට ගොඩ ගසා තිබූ ඩොල්ෆින් මත්ස්‍යාගේ සිරුරේ තැනිත් තැන ලේ සහිත තුවාල තිබූ ආකාරය දැකගත හැකිවිය.
එසේම මෙයට පෙර දින තුනකට පෙර පල්ලිවාසල්පාඩු වෙරලේ කණ්ණාඩි මාදැල ආසන්නයේ වෙරළට ගොඩ ගසා තිබූ අතර මේ වන විට එම සිරුර නරක් වී තිබූ ආකාරය දැකගත හැකි විය.
පල්ලිවාසල්පාඩු ධීවරයින් පවසන්නේ ඇතැම් ධීවරයින් ඩොල්ෆින් සැරිසරන කලාපයේ දී මෙම මත්සයින් මරා දැමිමෙන් පසුව වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි.
කෙසේ නමුත් මෙම ඩොල්ෆින් මත්සයින් දෙදෙනාම අඩි හයකට ආසන්න දිගකින් යුක්ත වන අතර කිලෝ 100 කට වැඩි බරකින් සමන්විතය.