(මනෝප‍්‍රිය ගුණසේකර)
කිරිබත්ගොඩ රෙදිපිළි වෙළඳ සැලේ බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කොට මාස 10 ක දී රුපියල් ලක්‍ෂ 36 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එහි ප‍්‍රධාන මුදල් අයැකැමිවරයාට අත්හිටවු සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා නියම කළේය.
චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුට මාස 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කොට එම වසර හතක කාලයකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා ඊට අමතරව ඔහුට රුපියල් 50,000/- ක දඩයක් නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේය.
නඩු විභාගය අතරතුරදී චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වෙළඳසලේ ප‍්‍රධාන මුදල් අයැකැමිවරයා ලෙස සේවය කරමින් සිටි ඇඹරලුව උතුර, වැපිවේරියේ පදිංචි එච්.ජී. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න නමැත්තෙකුටය.