මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 10 කට දඩ


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු  10 දෙනෙකුකු⁣ට  එක් අයෙකුට රුපියල්  100  බැගින්  රුපියල්  දහසක  දඩ  මුදලක් ගෙවන ලෙස   අද (16) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

මෙි අතර  බුරුවා  ගැසිම සදහා  නිවස  ලබාදුන්  පුද්ගලයාට තවත්   රුපියල් 500 ක දඩ මුදලක්ද  ගෙවන  ලෙස  නියෝග කෙරිණි.

බලන්ගොඩ පොලිස්  බල ප්‍රදේශයට අයත් ඇල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  දස දෙනෙකුට මෙලෙස  දඩ නියම  විය.

එම  බුරුවා  ගසන  ස්ථානය  බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් විසින්  වටලන  අවස්ථාවෙිදි  එහි  තිබි පොලිස් භාරයට  ගත්  රැපියල්  12630 ක  මුදලක්  රජයේ  ගිණුමට  බැර කරන  ලෙසද මහෙස්ත්‍රාත් වරයා විසින් එහිදී   නියෝග කලේය. බලන්ගොඩ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත්   කිරිමට කටයුතු කළහ.