පුෂ්පකුමාර මල්ලවආරච්චි
මීරිගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනයක ගොඩනැගිල්ලේ අද (19 )උදේ ඇතිවූ හදිසි ගින්නකින් විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ඇතුළු දේපළ දේපල විනාශයට පත්වී ඇතැයි මීරිගම පොලීසිය කියයි.
වෙළඳසැලේ සේවකයෙකු වෙළඳසැල විවෘත කර ඉහළ මාලයට යන අවස්ථාවේ එහි ගින්නක් ඇති බව දැකීමෙන් පසු පොලිසිය දැනුවත් කර ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගම්පහ ගිනි නිවන ඒකකයයේ ගිනි නිවන භට කණ්ඩායම් පැමිණ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පැවති ගින්න දැඩි පරිශ්‍රමයකින් යුතුව නිවා දමනු ලැබීය .
ඉහළ මාළයේ ගබඩා කර තිබූ විදුලි උපකරණ මෙන්ම ගෘහ භාණ්ඩ දැඩි ලෙස හානි වී ඇති අතර පහත මාලයේ තිබූ දේපල රැසක් ඉවතට ගැනීමට කටයුතු කර තිබිණි.
ගින්නට ලක්වුනු ගොඩනැගිලි පරිශ්‍රයේ විදුලි පරිපථ විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගනු ලැබීය
ගින්නෙන් සිදු වූ හානිය රුපියල් ලක්ෂ ගණනක් විය හැකි යැයි අනුමාන කෙරෙන අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක කරන බව පොලීසිය කියයි .