මීදුමෙන් හැටන්-නුවරඑළි මාර්ගයේ ගමනා ගමනයට බාධා


(රංජිත් රාජපක්ෂ ) 

                     
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.


අද  (15) උදෑසන සිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය, හැටන් මස්කෙළිය බගවන්තලාව මාර්ගය අවට අතුරු මාර්ගයන්හි ගිනිගත්හේන නොටන්බ්‍රිජ් මාර්ගයෙත් මෙම ඝණ මිදුම් තත්ත්වය පවති.


ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝණ මීදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැළකිළිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


මෙම ඝණ මිදුම් තත්ත්වයත් සමඟ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අධිත සුළං තත්ත්වයක් සහ කඩින්කඩ අධික වර්ෂාව පතිත වෙයි.