(රෝවන් පෙරේරා)
පාවට්ටාමඩුව මී ඔය රක්ෂිත ප්‍රදේශයේදී වෙඩි තබා මුවකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනකු අද(27) පුත්තලම සෙල්ලන්කන්දල් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම සහා සිරාම්බිඅඩිය පදිංචිකරුවන් දෙදෙනෙකි.
තබ්බෝව අභය භූමියේ සිට මී ඔය රක්ෂිතයට සංක්‍රමණය වූ වයස අවුරුදු 8ක පමණ, කිලෝ 80 පමණ බරකින් යුත් විශාල මුවකු වෙඩි තබා මෙලෙස ඝාතනය කර ඇත.
වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටල්වලට මෙම මස් අලෙවි කිරීමට සැකකරුවන් කටයුතු සූදානම් කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ ඝාතනය කර තිබූ මුවා කරුවලගස්වැව වනජීවී අඩවි කාර්‍යාලයට අධිකරණ කටයුතු සඳහා භාරදුන් බව කඳවුර භාර අණ දෙන නිලධාරී බී. සී. එල්. මුණසිංහ මහතා පැවසීය.
කරුවලගස්වැව වනජීවී අඩවි වන ආරක්ෂක නිලධාරී උපාලි රත්නමලල මහතා පැවසුවේ වනජීවී හා රුක්ෂලතා ආඥා පනතට අනුව සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි.