(පද්මා කුමාරි කංකානම්ගේ )
කල්පිටිය - ආලංකුඩාව වෙරළ තීරයට අද (16) අඩි 34ක් පමණ දිග තල් මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබූ අතර නරක්වී තිබූ තල් මසාගේ සිරුරේ පිට කොන්දේ විශාල තුවාලයක්ද තිබිණි.
කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ.මොරතැන්න මහතා ප්‍රකාශ කළේ මෙම තල්මසාගේ යටිතල්ල නිරීක්ෂණයෙන් මෙම ජීවියා පෙරා බුදින්නන්ගේ වර්ගයට අයත් තල්මසෙකු වශයෙන් හදුනාගත් බවයි.
මෙම තල් මසා මීට මාසයකට පමණ පෙර කොදු ඇට පෙළේ ඇතිවූ තුවාලයකින් හෝ නැවක හැපීමෙන් මෙවැනි තුවාලයක් ඇතිවී මිය යන්නට ඇතැයි අනුමාන කරන බවද ඒ මහතා පැවසීය.
තල් මසාගේ සිරුර බෙහෙවින් නරක්වී ඇති නිසා මරණ පරීක්ෂණයක් නොමැතිවම සිරුර භූමදාන කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.