මින්නේරිය පොලිස් කොස්තාපල්වරයෙක්ට මැර ප්‍රහාරයක්


(ක.ග කරුණාරත්න)
 
රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි මින්නේරිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ කොස්තාපල්වරයෙකුට ගිරිතලේ සරණසිරිගමදී කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින්  පහර දී කපා කොටා තුවාල සිදුකර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.


තුවාලකරු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.


එම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මින්නේරිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල් (86710) සුරේෂ් ලක්මාල් මහතාය.


පොලිස් කොස්තාපල්වරයාට මේ ප්‍රහාරය එල්ළ කළ සැකකරු ගිරිතලේ සරණසිරි ගම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.


හෙතෙම මේ සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශය හැර ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියහ.


මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.