මැතිවරණය වෙනුවෙන් පොදු වේදිකා


(විනීතා එම් ගමගේ)

ඉදිරි මැතිවරණයේ දී සියලූම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එකම වේදිකාවකට ගෙන්වා ගෙන ඔවුන් ඡන්ද දායකයන් වෙනුවෙන් ගන්නා ඉදිරි ක‍්‍රියා මාර්ග එකම වේදිකාවක සාකච්ඡා කිරීමේ වැඩ පිළිවෙලක් ගොඩකවෙල සවිබල පුරවැසි සංවිධානය ආරම්භ කර ඇත. 

මේ වන විටත් එම සංවිධානය විසින් දේශපාලන පක්ෂ නියෝජිතයින් එකම වේදිකාවකට කැඳවා ඔවුන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ. 

පොදු වේදිකාවලට අපේක්ෂකයන් ගෙන්වා ගන්නා අතර ඡන්ද දායකයන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙළ යැයි ගොඩකවෙල පුරවැසි සංවිධානයේ මෙහෙයුම්කරුවෙකු වන කැලූම් දීපාල් මහතා ලංකාදීපයට පැවැසීය.

ඉදිරි මැතිවරණ පුරවැසියන්ට වාසිදායක කරගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි ද හෙතෙම සඳහන් කළේය. 

සුදුසු අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලෙස දේශපාලන පක්ෂවලට බලකිරීමට ඉකුත් සාකච්ඡාවේදී ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබී තිබේ.