(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපති මැතිවරණය ප්‍රකාශ කළ දින සිට අද (03) සවස 4.30 දක්වා මැතිවරණ පැමිණිලි 116 ක් ලැබී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 108 ක්ද, ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වෙනත් පැමිණිලි 7 ක්ද ලැබී තිබේ.
මෙයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් බවත් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් කීය.
ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල ලැබී ඇත්තේ හික්කඩුව පොලිස් බල ප්‍රදේශයෙනි.
නීති විරෝධී පෝස්ටර් ඇලවීම්, බැනර් කටවුට් ප්‍රදර්ශනය ආදිය සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබේ.