මැතිවරණ නීති උල්ලංඝණය කළ නියෝජ්‍ය ඇමැතිට ඇප



 
(නවරත්න සමරතුංග)


පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝණය කළ සිද්ධියක් සම්බන්ධව සමන්තුර අධිකරණයේ විභාග වන නඩුවක් අද (11) කැදවු අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු වන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි විට ඔහුට රුපියල් ලක්ෂයක ශරීර ඇප දීමට  සමන්තුර මහේස්ත්‍රාත් ඒ.එච්.එච්. ෆාසීල් මහතා නියම කළේය.


මේ සම්බන්ධව ප්‍රකාශයක් සමන්තුරේ පොලිසියට ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා  නියම කළේය.


පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අකිලෙයි ඉලංගෙයි මක්නල් කොංග්‍රස් ( ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය) පක්ෂයට අපකීර්තයක් වන පරිදි මුද්‍රිත අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තවත් පුද්ගලයන් හත්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.


එහිදී මෙයට පෙර නඩුව කැඳවු අවස්ථාවේ අනෙක් විත්තිකරුවන් හයදෙනා ඇප මත මුදා හැර තිබුණ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.


මෙම නඩුව ඔක්තෝබර් 9 වැනි දා යළි කැඳවීමට නියමිතය.