මැතිවරණ නිලධාරින්ට අපිරිසිදු කෑම දුන්නාට 8000 ක් දඩ


(ජයන්ත සමරකෝන්)

ජනාධිපතිවරණ මැතිවරණය පැවැති දිනය තුළ කොළඹ රාජකීය විද්‍යාලයීය මැතිවරණ රාජකාරීවල නිරතව සිටි නිලධාරීන් 62 දෙදෙනකුට ආහාර විසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මරදාන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 8000 ක දඩයක් නියම කර ඇත.

මෙසේ දඩ නියමවුයේ මරදාන ඩින්ස් පාර හෝටල් හිමිකරුවකු වන ප්‍රියන්ත තිලක වදමුල්ලේ නැමැත්තාටය.

මෙම ආහාර තොගයෙන් ලබාගත් සාම්පල නාගරික රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබාගත් වාර්තාවට අනුව ‘ස්ටපිලො කොකස්’ නැමැති බැක්ටීරියාව මීට හේතුව වී ඇති බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.