(තලවකැලේ-ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන, බෝපත්තලාව සත්ත්ව ගොවිපළ භූමියේ පිහිටි මැණික්පාළම වැව රොන්මඩ හා ජලඡ පැලෑටි වලින් පිරී විනාශ වී යෑමේ අවදානමට ලක්ව ඇතැයි සත්ත්ව ගොවිපළ වැසියන් පවසති.
බෝපත්තලාව සත්ත්ව ගොවිපළ භූමියේ අති සුන්දර පරිසර කලාපයක පිහිටි මැණික්පාළම වැව 1942 වසරේදි පමණ සුදු අධිරාඡ්‍යවාදීන් විසින් ඔවුන්ගේ අසුන් නැහැවීම සදහා හෝටන්තැන්නේ සිට ගලා බසිනා මැණික්පාළම් ඔය හරස් කොට ඉදි කරන ලද්දකි.
මෙම වැවේ ජලය උපයෝගි කරගෙන දැනට කුඩා ප්‍රාමණයේ විදුලි බලයක් නිපදවනු ලබන අතර මෙසේ වැව දිගින් දිගටම ගොඩ වී යෑම නිසා තව වසර කීපයක් යන විට විදුලි බල නිෂ්පාදනයද ඇණ හිටිනු ඇතැයි බෝපත්තලාව සත්ත්ව ගොවිපළේ වැසියන් සදහන් කරති.
රොන්මඩ හා ජලඡ පැලෑටි වලින් විනාශ වී යමින් පවතින අති සුන්දර මැණික්පාළම් වැව ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් එම වැසියෝ වගකියයුතු අංශ වලින් ඉල්ලා සිටිති.
විනාශ වී යමින් පවතින මැණික්පාළම් වැව