මාර්ග බාධකයේදී වූ රිය අනතුරින් කොස්තාපල් රෝහලේ


(ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම -අනුරාධපුර මාර්ගයේ සාලියවැව පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සාලියවැව පොලීසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ සාලියවැව පොලීසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

පුත්තලම  සිට මන්නාරම දක්වා ධාවනය වූ වෑන් රථයක්  මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක්කර නැවත එම රථය පිටත්වන අවස්ථාවේදී එය පොලිස් නිලධාරියාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

මෙහිදී රියැදුරුට වෑන් රථය පාලනය කර ගත නොහැකිව මාර්ග බාධකය අසල නිවසක  වැදී එය නතරවී ඇති බවද පොලීසිය පවසයි.