IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


දේශීය කර්මාන්තවලට ආනයනවලින් ආරක්‍ෂාවෙන්න පනත්

(යොහාන් භාසුර)

දේශීය කර්මාන්තකරුවෙක්ට කිසියම් ආනයනකින් බලපෑමක් ඇතිවන්නේ නම් ඉන් ආරක්‍ෂා වීමට පනත් දෙකක් හදුන්වාදී ඇති බවත් කර්මාන්තකරුවන්ට ඒ සඳහා වාණිජ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළ හැකි බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (19) පැවසීය.

දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් හදුන්වා දුන් 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ පනදම් ආයතනයේදී අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවේකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ සඳහන් කළේය.

කිසියම් ආනයකරුවෙක් සහනාධාර ලැබෙන භාණ්ඩයක් ආනයන කර වෙළෙඳපොළට සපයන්නේ නම් දේශීය කර්මාන්තයට බලපෑමක් වන බවත් මිල සඟවා ආනයන කරන්නේ නම් එය ද කර්මාන්තයට බලපෑමක් බවත් අමාත්‍යවරයා කීය.

ආනයන සීමාකිරීම තුළින් දේශීය සේවක රැකියා සුරක්‍ෂිත කිරීම සහ විදේශ විනිමය රටින් පිටව යෑම වැළැක්වීම කළ යුතු බව කී සමරසිංහ මහතා මෙම පනත් දෙක ක්‍රියාත්මක කිරීමේදී දේශීය නිෂ්පාදකයා සහ දේශීය කර්මාන්ත ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ මූලික අරමුණ වන අතරම අපනයන පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද සඳහන් කළේය.

මෙරටට කරන ආනයන දේශීය නිෂ්පාදනවලට තරගකාරී ලෙස බලපාන්නේ නම් ඒවා මෙරට එන ආකාරය හදුනාගත යුතු බවත් රබර් කිලෝවක් නිෂ්පාදනය කළ නොහැකි මිලට ටයර් ආනයන කළ හැකි යැයි දේශීය ටයර් නිෂ්පාදකයන් පවසන බවත් අමාත්‍යවරයා කීය.

මෙරට සහන ලැබුණු ආනයන මෙරට ගෙනවිත් අළෙවි කරන්නේ නම් ඒවායේ දේශීය නිෂ්පාදකයන්ට තරග කිරීමේ හැකියාව නොමැති බවත් එවැනි නිෂ්පාදන ලෙස ටයර් සහ ටයිල් ඇතුළු නිෂ්පාදන රැසක් හදුනාගෙන ඇති අතර ටයිල් කර්මාන්ත තුළ දැඩි ප්‍රශ්නයක් ඇති බවත් හෙතෙම කීය.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශීය කර්මාන්තකරුවා රැකගත යුතු බවත් ලෝකයත් සමඟ ගණුදෙනු කරද්දී දේශීය කර්මාන්තකරුවා රැකගැනීමට අසමත්වුවහොත් බරපතල තත්වයකට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳ සංවිධානයත් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක ලෙස නීති සම්පාදනය කිරීමට ඉඩහැදුණු බව කී අමාත්‍යවරයා මෙම පනත් දෙකම 2006 වසරේ අද මෙන්ම පළාත් පාලන මැතිවරණයක් අවසන් වීමෙන් පසුව පාර්ලිම්න්තුවට ඉදිරිපත් කර තිබූ බවත් ඒ මහතා කීය.  

කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම සඳහා ලෝක වෙළෙඳ සංවිධානය සමඟ එකතුව පනත් සකස් කර ඇති අතර ඒ සඳහා රෙගුලාසි සකස් කළ යුතු බවත් එම පනත්වල උපදේශකයා ලෙස වාණිජ දෙපාර්තමේන්තුව පත්වන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරන්රාජා මහතා ඇතුළු වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.  



අදහස් (0)

දේශීය කර්මාන්තවලට ආනයනවලින් ආරක්‍ෂාවෙන්න පනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 292 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site