(රෝෂන් තුෂාර)
රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ (Shade of procare pvt ltd.) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු අද (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය අද (19) නියෝග කළාය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පිරිමිඩාකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අකිල නිලන්ත නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ප්‍රොකෙයාර් සමාගමේ සභාපතිවරයා හෙට(20) දිනයේ දී රහස් පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බැවින්,ඔහුද අත්අඩංගුවට ගෙන හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ දිනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322)සෙනෙවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට දෙස් විදෙස් ඔන්ලයින් රැකියා ,රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.
රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ට ඔන්ලයින් ඔස්සේ පුහුණු පාඨමාලාවක් පවත්වන බවට ප්‍රචාරය කර ඇති සැකකාර සමාගම ,එම පුහුණුව සඳහා රුපියල් විසිඑක්දහසක මුදලක් රැකියා අපේක්ෂකයෙකුගෙන් ලබා ගනිමින් මෙසේ මුදල් වංචා කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකාර සමාගම කොළඹ බීඑම් අයි සී එච් පරිශ්‍රෙය් රැකියා වෙළඳපොලක් සංවිධානය කරමින් පවතින බවද,අදාළ සමාගම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට දැන්වීම් පළකර ඇති බවද සඳහන් කළේය.
මෙම පැමිණිල්ල යළි හෙට කැඳවීමට නියමිතය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ප්‍රෝකෙයාර් සමාගමේ අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්