(ගයාන් සූරියආරච්චි)
යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ අද (19) පැවැති 16 වැනි රණවිරු සැමරුම් උළෙලේදී ඔහු ඒ බව පැවැසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
විටින් විට බලය ලබා ගැනීම සඳහාත්, බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, බලය පාවිච්චිකර සිදුකළ අපරාධ වසා ගැනීම සඳහාත් යුද්ධය උපයෝගී කරගෙන තියෙනවා. එසේ නොවීමට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගත වී සිටිය යුතු නැහැ. ඔහු සිරගත කිරීමට හේතුව බලයයි. නීතිය හෝ යුද්ධය ඊට හේතු සාධකයක් නොවේ.
අප මහ පොළොව තෙත් වෙන තරම් ලේ හැලූ ජාතියක්. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හැලූ ජාතියක්. මවුපියන්, ඥාතීන් ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුණු විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිසුන් වන අතර එවැනි අත්දැකීම් යළි මෙරටට ඇතිවීම වැළැක්විය යුතුයි.
යුද්ධය කියන්නේ ඛේදවාචකයක්, විනාශයක් බව අප සැවොම තේරුම් අරගෙන තිබුණත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සමහර අය යුද්ධය ආශ්වාදයක් ලෙස සිතනවා. බයිනෙත්තුව අත තිබෙන සෑම සොල්දාදුවෙකුගේම, හැම නිලධාරියෙකුගේම අපේක්ෂාව තමන් අත ඇති ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි.
එය පොදු සමාජයේ ප්‍රාර්ථනාව ද විය යුතුයි. එහෙත් රණවිරුවන් අත තිබෙන ගිනි අවිය කොයිම හෝ මොහොතක හෝ පත්තු කළ යුතු බවට ඉතාමත් කුඩා කණ්ඩායම් නිරන්තරයෙන් කල්පනා කරමින් සිටිනවා.
අපේ ස්ථාවරය වන්නේ ඔබ අත ඇති ගිනි අවිය තවත් පුද්ගලයෙකුගේ පපුවට තබා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය කිරීමිය. කාගේවත් ගෝරනාඩුවලට කිසිවෙකුත් යටත් නොවිය යුතු අතර අපි යටත් විය යුත්තේ සත්‍යයට, මානව වාදයට සහ මිනිසත්කමටයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
යුද විරුවන්ට ජනපති උපහාරය
Kule Monday, 19 May 2025 07:18 PM
වසර 16 රණවිරු සැමරුම්වලට පිටුපා නොපැමිණි අයටත් අද එන්න වුණා.
බද්රානි Monday, 19 May 2025 07:36 PM
ඒ වුණාට ඉතින්, අර "පිල්ලෙයාන්" කියන රණවිරුවාට, නිසි ගෞරවය ලබා නොදීම සම්බන්ධයෙන් නම්, අපේ රටේ යක්ඛ පුත්තු රැල සෑහෙන කනස්සල්ලෙනුයි ඉන්නේ අනුර මහත්තයෝ... අඩුතරමේ කරුණා අම්මාන්ටවත් ඔය පක්ෂයේ උප සභාපති ධුරයක් පිරි නැමුවොත්, කෝපවෙලා ඉන්න යක්ඛ පුත්තු ටික හීලෑ කරගන්න පුළුවන් වෙයි... මට නම් හිතෙන්නේ, කේ පී මැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙනුත් ඔයිට වඩා සෙබළු ප්‍රමාණයක් යෙදවිය යුතුයි කියලයි...
aruan Monday, 19 May 2025 07:36 PM
තමුන් කළේ දේශද්‍රෝහී කතාවක්...
යෝගා Monday, 19 May 2025 07:40 PM
පව්... බලෙන් නාවලා. දැන් කැනඩාවෙයි, එංගලන්තෙයි ඉන්න අරගොල්ලන්ට මොනවා කියන්නද මන්දා...? ගත්තු ඩොලර් ආපහු දෙන්න වෙයිද?