(එම් .සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ අද (26) රාත්‍රීයේ ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
මෙම ගින්න වියළි කාලගුණය නිසා හටගත් එකක්ද නැත්නම් රක්ෂිතයේ හරක් ගාල් කරන පිරිස් අලුත් තණ කොල බලාපොරොත්තුවෙන් මෙම ක්‍රියාව සිදුකළාද යන්න පිළිබඳව සැකසහිත බව ප්‍රදේශවාසීහු කියති.
ගින්න පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ගින්න නිවා දැමීමට කිසිවෙකු කටයුතු නොකිරීම හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරයමින් පවතිව බව ප්‍රදේශවාසීහු කියති.

