(මහේෂ් කිර්තිරත්න)
මේ දිනවල මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින් ද ඒ පිළිබදව අවදානය යොමුකළ යුතු මාතලේ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා පැවැසීය.
විශේෂයෙන් පුරන් කුඹුරු ආශ්‍රිතව අදාල බැක්ටීරියාව බහුලව දක්නට ලැබෙන බැවින් මේ සම්බන්ධයෙන් ගොවින් දැනුවත් වීම වැදගත් බවද වෛද්‍ය වරයා පෙන්වා දුන්නේය.
ගොවින් කුඹුරට බැසීමට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ඩොක්සිසයික්ලීන් ( Doxycycline ) ඖෂධය සතියකට වරක් ගැනීමෙන් මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බව වෛද්‍ය වරයා පෙන්වා දුන්නේය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයෙ පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
මී උණ වලක්වා ගැනීම සදහා මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ගොවින්ට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත ෙඖෂධ ලබා දීමට කටයුතු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා මහතා මාතලේ ගොවිජන සංවර්ධන කොමසාරිස්වරියට උපදෙස් ලබා දුන්නේය.
මී උණ මරණ වලක්වා ගත හැකි බැවින් එය වලක්වා ගැනීමේ වගකීම රාජ්‍ය නිලධාරින් මතද පැවරෙන බව දිසාපතිවරයා පෙන්වා දුන්නේය.