මාතලේ කවුඩුපැලැල්ලේ මාර්ගයක් අසළ මළ සිරුරක්


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
මහනුවර - යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී මාර්ගය අසළ අද(01) තරුණයකුගේ මළ සිරුරක් තිබී හමු වූ බව මහවෙල පොලිසිය කියයි.
 
මෙම මළ සිරුර අවුරුදු 35ක පමණ  බවද මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට කරුණු අනාවරණය කර ගෙන ඇතැයිද පොලිසිය පවසයි.
 
මාතලේ මහවෙල  පොලිසිය ලද තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇත. එම පුද්ගලයා කළු කලිසමක් හා කළු කමිසයක් ඇඳ සිට ඇත.
 
රිය අනතුරකින් හෝ වෙනත් ගැටුමකින් මෙම තරුණයා මිය යන්නට ඇතැයි  පොලිසිය සැක පළකරයි.
 
මහවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.