මාතර-යටියන ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වයත් සමග ඇල්ලකන්ද ප්‍රදේශයේදී විශාල කජු ගසක් පාරට ඇදවැටීමෙන් අද(13) උදෑසන මාතර-යටියන ප්‍රධානමාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.
 
එම ගස කඩා වැටීම නිසා අධි බලැති විදුලි රැහැන් පද්ධතිය සමග විදුලි කණු කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබීම නිසා ප්‍රදේශයේ විදුලි බලය ද ඇණහිට තිබුණි.
 
මේ නිසා වාහන ගමනාගමනය විකල්ප මාර්ග ඔස්සේ සිදු කෙරුණු අතර බස් ධාවනයේ ද අඩුවක් දැක ගත හැකි විය.