මාඔය රක්ෂිතය වනසමින් දන්කොටුවේ මහා පරිමාණ මැටි කැපිල්ලක්


                                     
 
චන්දන ප‍්‍රනාන්දු                                                                        
                
දන්කොටුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ යෝගියාන ගල්වක ජංතුරාවේල ප‍්‍රදේශයේ මාඔය රක්ෂිතය අසලම මහා පරිමාණයෙන් මැටි කැපිම හේතුවෙන් ප‍්‍රදේශයේ විශාල පරිසර විනාශයක් වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙයි.                                                                                                                                                    

දිනපතා බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මෙම මැටි කැපීම විශාල ගැඹුරකට සිදු කරමින් තිබෙන බවත් මේ හේතුවෙන් මාඔයේ ගමන් මාර්ගය පවා වෙනස්විය හැකි තරමට මහා පරිමාණයෙන් මෙම මැටි කැපීම සිදුවන බව ජනතාව පවසති.                                                                                                                                                                                                 
ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකුට හිතවත් පිරිසක් මෙම පරිසර විනාශය සිදු කරමින් තිබෙන බවත් මෙම භුමිය අයත් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවෙන් හෝ දන්කොටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිසිදු අවසරයකින් තොරව මෙම මැටි කැපීම සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ගම්වැසියෝ කියති.