සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද
අවමඟුලක් තිබූ නිවසක පැවති බුරුපිටියේ බුරුවා ගසා ආපසු එමින් සිටි පුද්ගලයකු ළඟ තිබූ රුපියල් තුන් ලක්ෂ දහඅට දහසක් වටිනා දේපොළ කොල්ලාකෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.
වලහන්දුව යක්ගහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංවතුරින් අවතැන්වී සිටින ඥාතීන් පිරිසක් බැලීමට රෑකඩහේන ප්‍රදේශයට ගොස් තිබේ. එහිදි තම හිතවතෙකු මිය ගොස් ඇති බව දැන ගෙන මොහු එම මළ ගෙදරට ගොස් ඇත.
එහිදී එම අවමඟුල් නිවසේ තිබූ බූරුපිටියේ බුරුව ගසා ආපසු එමින් සිටින විට බූරුවාපිටියේ සිටි අයෙකු තමාගේ පසුපසින් පැමිණ අතර මඟදී ළඟ තිබූ මුදල් රුපියල් එක් ලක්ෂ හැට අට දහසක් සහ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා රන් මාලයද කොල්ලාකා පලා ගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.
සැකකරු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.