කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න මහඋල්පත මහතා කාලයක සිට මොළයේ පිළිකාවකින් අසනීපව සිට 11 වැනි දා පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට 56 වැනි වියේ පසු වූ ඔහු විචාරක පාඨක අවධානයට ලක්වන ආකාරයේ කෙටිකතා සංග්‍රහ පහක්, නවකතා හතරක්, විචාර ග්‍රන්ථ ත්‍රිත්වයක් සාහිත්‍ය ලෝකයට දායාද කර තිබේ.සිංහල භාෂාව හා සාහිත්‍ය විචාරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට ඉගැන්වීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ මහඋල්පත මහතාගේ සාහිත්‍ය සේවය සාහිත්‍ය සම්මාන උළෙල වලදී ඇගයීමට පාත්‍ර විය.