මහවැස්සෙන් මන්නාරමේ පවුල් 300ක් පීඩාවට


(රොමේෂ් මධුෂංඛ)
 
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මන්නාරමේ ජීවපුරම්, සිම්රොන් නගර් සහ ශාන්තිපුරම් යන ප්‍රදේශවල පවුල් 300කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මේ දිනවල ඇදහැලෙන වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් බලපා ඇතැයිද සිය දෛනික කටයුතු සියල්ල අඩාල වී ඇතැයිද ඔවුහු කියති.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
 
වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් අවදානම් තත්වයක් උද්ගත වුවහොත්, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරන ලෙසට මන්නාරම ආපදා කළමණාකරන කාර්යාලය පවසයි.