(වසන්ත චන්ද්‍රපාල)
පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8109ක්ද, බඩ ඉරිඟු අක්කර 869 ක් ද විනාශ වී ඇති බව අම්පාර දිසාපති ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ වී ගොවීන් 3590 දෙනෙකුගේ සහ බඩ ඉරිඟු ගොවීන් 260 දෙනෙකුගේ වගාවන් මේ හේතුවෙන් විනාශ වී ඇති බවද බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.
මෙම කුඹුරු දින තුනකට වැඩි කාලයක් ජලයෙන් යටවී තිබූ බවද, ගොයම් විනාශ වී ඇති බවද ගල්ඔය දකුණු ඉවුර ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසීය. ඇතැම් කුඹුරුවල ගොයම් පැළ වැල්ලෙන් යටවී ඇති අතර ඒවා නැවත ප්‍රයෝජනයට ගතනොහැකි බවද ඔහු කීය.
මහා වාර්මාර්ග, සුලුවාරිමාර්ග සහ ගොවිජන සේවා යටතේ මෙම කුඹුරු සහ බඩ ඉරිඟු වගා කර තිබේ.
මෙම වගාවන් නැවත කිරීමට අවස්ථාවක් නොමැති බැවින් මෙම ගොවීනට වන්දි මුදලක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස සභාපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේය. දැනට ඔවුන්ට වගාහානි ලබාදීම සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත යොමුකරන බව ද දිසාපතිවරයා සඳහන් කළේය.




