මහවැලි ගගේ දියනෑමට ගිය කාන්තාවගේ සිරුර ගොඩ ගනී


(රංජිත් රාජපක්ෂ)

මහවැලි ගගේ දිය නැමට ගියේ යැයි කියන කාන්තාවකගේ සිරුර නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ මහවැලි ගගේ පාවෙමින් තිබියදි අද (09) දින නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන ඇත.

මෙසේ ගොඩගනු ලැබුවේ නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ පදිංචි සහිරු නිෂා නැමති 44 හැවිරිදි කාන්තාවගේ සිරුරයි.

මහවැලි ගගේ දිය නැමට යන බව පවසමින් මිය ගිය කාන්තාව (09) දින උදැසන 6 ට පමණ නිවසින් බැහැරව ගිය බවත් , පසුව ඇය නිවසට නොපැමිණි නිසා එ පිලිබදව සොයා බැලු බවත් , ජිවිතක්ෂයට පත් සහිරු නිෂාගේ ඥාතින් විසින් සිරුර හදුනාගනිමින් එ පිලිබදව නාවලපිටිය පොලිසියට පවසා ඇත.

ජිවිතක්ෂයට පත් කාන්තාව දිය නැමට ගියේ යැයි කියන මහවැලි ගගේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ සිට කිලෝමිටර දෙකක් පමණ පහලින් වු මහවැලි ගගේ බව්වාගම ප්‍රදේශයේ තිබි පාවෙමින් තිබු සිරුර ප්‍රදේශවාසින් දැක නාවලපිටිය පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර ගොඩගෙන ඇත.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.