( කේ බුද්ධික කුමාරසිරි)
ලබුගම සහ කළටුවාව ජලාශවල සිට මහරගම දක්වා ජලය රැගෙන යන ජල නලයක් පාදුක්ක මීපේ ප‍්‍රදේශයේදී සෙනසුරාදා (02) රාතී‍්‍රයේ පුපුරා යාමෙන් අද (03) සවස් වනතෙක් ජල සැපයුම අත් හිටුවීමට සිදු වූ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් අද (03) දිනය පුරා මහරගම පන්නිපිටිය කොට්ටාව,රුක්මල්ගම,පැලැන්වත්ත,හෝමාගම, මීගොඩ , පාදුක්ක සහ මීපේ ආදී ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත් හිටුවා තිබේ.
කොළඹ නැගෙනහිර ජල ව්‍යාපෘතිය යටතේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් 28 වැනි දා ද එම නලය පුපුරා ගිය අතර අලුතින් ජල නල කොටස් එකතු කර පිළිසකර කළද යළිත් එම ස්ථානයෙන්ම මෙම පිපිරීම සිදුව ඇත.
ජල නලය පිපිරීමට හේතුව ගැන මෙතෙක් ස්ථිරව පැවසිය නොහැකි බව ලබුගම සහ කළටුවාව ජල පිරිපහදුව බාර කළමනාකරු සහ අඹතලේ ජල නිෂ්පාදන අංශයේ මෙහෙයුම් කළමනාකරු පියල් රාජපක්ෂ මහතා පැවසීය