(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාතට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 38ක්, පවුල් 49 ක් හා පුද්ගලයින් 201 අවතැන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.
ගඟවට කෝරලයට වැඩි වශයෙන් වර්ෂාව පතිත වීම හේතුවෙන් මාර්ගවල බැමි කඩා වැටීම් සහ කුඩා කඳු කඩා වැටීම් දැකිය හැකි බවත්, උඩුනුවර,යටිනුවර පාතදුම්බර,ගම්පල ආදි ප්‍රදේශද ආපදාවට ලක්ව ඇති බවද රණවීර මහතා සඳහන් කළේය.
අපදාවට ලක්වූවන් ඥාතින්ගේ නිවාසවල පදිංචිව සිටින බවත්, අධික වැසි සහිත අවස්ථාවලදී දැඩි පරීක්ෂාවෙන් සිටිය යුතු යැයි ඔවුන්ට දන්වා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.