මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම තවදුරටත්


(ඩයනා උදයංගනී)

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි තවදුරටත් ත්‍රිවිධ හමුදාව යෙදවීම සඳහා වන ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ඊයේ (22) සිට බලපැවැත්වෙන අයුරින් නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මාස හතරක් තිස්සේ ක‍්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඉකුත් අගෝස්තු මාසයේදී අවසන් වූ අතර ඉන්පසුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.

ඒ සඳහා වන පළමු ගැසට් නිවේදනය ඉකුත් අගෝස්තු 22 වැනිදා නිකුත් කෙරුණු අතර ඉන් දෙමසකට පසු ත්‍රිවිධ හමුදා කැඳවීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයා යළිත් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.