මහ වැසි නිසා තේ වගාවට රෝගයක්


(නිශාන්ත කුමාර )

මේ දිනවල නොකඩවා ඇද හැළෙන මහ වැසි හා මීදුම හේතුවෙන්  පිටමාරුව, එලමාන, මඩොල්සිම, රෝබේරිය හා ඒ අවට තේ වතු රැසක තේ වගාවට  කළු පුල්ලි අංගමාරය හෙවත් බ්ලිස්ටර් බ්ලයිට්  නමැති දලු අව පැහැගැන්වී කඩා වැටීමේ රෝග තත්වයක් පවතින බව තේ වගාකරුවෝ පවසති.

මේ දිනවල සවස් කාලයේදී මෙම ප්‍රදේශවලට මහ වැසි ඇද වැටිමට පටන්ගෙන ඇති අතර දිනය පුරාම දැඩි මීදුම් තත්වයක් පවතින බවද ඔවුහු කියති.

මේ හේතුවෙන් ප්‍රදේශයේ තේ වගාවන්වලින් ලැබෙන ආදායම සියයට 50 කින් පමණ පහත වැටි ඇති අතර කුඩා  තේවතු හිමියන්ගේ දෛනික ආධායම් තත්වයද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව පිටමාරුව කුඩා තේවතු හිමියන්ගේ සමිතියේ උප සභාපති ඩී. එම්. ආරියරත්න මහතා පැවැසීය.