මහ මඟදී ලක්ෂයක මුදලක් කොල්ල කාලා


 

 

 

ඔගස්ටින් ප්‍රනාන්දු සහ ජුඩ් සමන්ත

 

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක තැම්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් 123,000 ක මුදලක් අතර මඟදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව මාදම්පේ පොලීසිය කියයි.

ඊයේ (10) සවස  මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ ගල්මුරුව - ග්‍රේස්ලන් වත්ත ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුවී ඇත.

තමන් මුදල් ද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විට කාර් රථයකින් පැමිණි කීප දෙනෙකු තමන් අත තිබූ මුදල් කොල්ලකා පලා ගිය බව කුලියාපිටිය - අමුණුවිල පදිංචි හේරත් මුදියන්සේලාගේ රජිත චතුරංග හේරත් (අවු:26) යන අය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.  

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.