ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොට්ඨාස මට්ටමින් සංවිධානය කරන පොලිස් නෙත තෙවැනි ප්‍රදර්ශනය ලබන 27 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට යයි.
දශක හයක පමණ අතීතයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සමාජ හා බැඳුණු විශේෂ අවස්ථා රැසක සහ අපරාධ රැසක දුර්ලභ ඡායාරූප මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.
කොටි නායකයාවූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ට වසර 200 සිර දඬුවම් ලබාදීමට නියම වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ ඡායාරූප සහ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණුද එහි ඇත.