(ජුඩ් සමන්ත)
නිවසක් ඉදිරිපිට සවි කර තිබූ මල් පැලක් කඩා වැටී එයට යටවීමෙන් කුඩා දරුවකු අද (5) මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය කියයි.
නාත්තන්ඩිය, දුන්කන්නාව,බණ්ඩාරනායකපුර පදිංචිව සිටි අවීශ සදරුවන් (අවු:04) නම් වූ පිරිමි දරුවෙකි.
මල් පැලට ආධාරයක් වූ කොන්ක්‍රීට් කණුවට දරුවා යටවී ඇති නමුත් ශරීරයේ තුවාල කිසිවක් තිබී නැත.