මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල පොහොරවත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඔහුගේ පියාට ගල් වලින් ගසා මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ එම ප‍්‍රදේශයේම පුද්ගලයින් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද (02) මරණීය දඩුවම් නියම කළාය.

මීට වසර 14කට ඉහතදී බීමතින් මරණකරුගේ නිවසට පැමිණ ආරඅවුලක් ඇති කර විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විනිසුරුවරිය විත්තිකරුවන්ට මෙලෙස මරණීය ද`ඩුවම් නියම කළාය.

විත්තිකරුවන් තිදෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් චෝදනාවන්ට වරදකරුවන් කිරීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කුරුණෑගල පොහොරවත්ත පොල්ගහවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන පුලිහිත් දේවයලාගේ ඩග්ලස් වික‍්‍රමපාල, සෙනරත් රණසිංහ සහ ප‍්‍රදීප් සංජීව ජයරත්න නැමැත්තන්ය.

මෙම විත්තිකරුවන් සමඟම චෝදනා ලැබ සිටි නිල්මිණි ප‍්‍රියන්ත ජයරත්න නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කළ විනිසුරුවරිය සියළුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළාය.