(සිතුම් චතුරංග)
කොළඹ සිට මන්නාරම බලා ධාවනය වන දුම්රියක ලංගම බස් රථයක් සෙට්ටිකුලම,මැණික්ෆාම් ප‍්‍රදේශයේදී අද(04) ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනකු පමන තුවාල ලබා ඇති බව පරයානන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මැණික්ෆාම් පළමු හරස්වීදිය ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී බස් රථය දුම්රියේ ගැටී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් සෙට්ටිකුලම රෝහල වෙත හා වවුනියාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බස් රථය පැදවු රියදුරුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පැවසීය.
දුම්රියේ ගැටුණු බස් රථය මීටර 50 ක් පමණ ඇදී ගොස් පෙරළී ඇතැයිද කියැවේ.