මන්නාරම වෙරළ තීරයෙන් ගංජා කිලෝ 12ක්


(දසුන් රාජපක්ෂ)

මන්නාරම වංකාලේ වෙරළ තීරයේ අද (28) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12ක් නාවික හමුදාව භාරයට ගෙන ඇත.

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වංකාලේ වෙරළේ වැලි යට සඟවා තිබියදී මෙම කේරළ  ගංජා තොගය සොයා ගෙන තිබේ.

ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කේරළ ගංජා තොගය මන්නාරම දූෂණ මර්දන ඒකකය වෙත බාරදී ඇත.