මධ්‍යම පළාතේ පාසල් සංවර්ධනයට මිලියන 7500ක්


( ඉන්දික අරුණ කුමාර )

මධ්‍යම පළාතේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7500ක් පමණ වෙන් කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

රජය ක‍්‍රියාත්මක කරනු ලබන ‘ළඟම පාසල හොඳම පාසල‘ ව්‍යාපෘතිය යටතේ මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.මධ්‍යම පළාතේ පාසල් 5000ක පමණ සිසුන් 525 000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබති.

මේ වන විට පාසල් 2,000ක පමණ යටිතල පහසුකම් සංවර්ධන වෙමින් පවතින බව ද අමාත්‍යංශය කියයි.