(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (30) වන විට මහනුවර දිස්ත්‍රික්කයේ එක් දැරියක මිය ගොස් තිදෙනකු තුවාල ලබා පවුල් 65 කට අයත් 356 දෙනකු පීඩාවට පත්ව ඇතැයි මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසනුයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12 ක ප්‍රදේශ ගණනාවක් ආපදාවට ලක්ව ඇති බවත් විපතට පත් වූවන් සියලු දෙනාට අවශ්‍ය පහසුකම් හා සහන දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත මේ වන විට සලසමින් සිටින බවත්ය.
උඩදුම්බර, උඩුනුවර, දොළුව, ගඟවටකෝරළය, උඩපළාත ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ගස්, බැමි කඩා වැටීම් හා ගල් පෙරළීම් වාර්තා වී ඇති බවත් ඒවා මේ වන විට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් කීය.