මත්ද්‍රව්‍ය රැසක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
 
මත්ද්‍රව්‍ය රැසක් සමඟ මහරගම නල්ලවත්ත මාර්ගය අසලදී අඹු සැමි යුවළක් ද (07) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
 
මෙම සැකකාර යුවළ සමඟ කැටමින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් හා ගංජා ග්‍රෑම්  250 ක් හා මත්පෙති 33 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
 
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කරන පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය රහසිගතව අලෙවි කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාට ලද  තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු  අත්අඩංගුවට ගැනීමෙන් පසු පදිංචි නිවස සෝදිසි කිරීමේදී සැකකරුගේ බිරිඳ ද ගංජා සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .